විටමින් B12 ඌන රක්තහීනතාවය

විටමින් B12 ඌනතාවයේ හෝ ෆෝලේට් ඌනතාවයේ බොහෝ අවස්ථා වලට පහසුවෙන් හා ඵලදායි ලෙස ප්‍රතිකාර කළ හැකි බැවින් සංකූලතා ඉතා දුර්ලභය.

නමුත් සංකූලතා ඉඳහිට වර්ධනය වේ. විශේෂයෙන් ඔබ ටික කලක් එක් විටමිනයක් හෝ ඌනතාවයෙන් පෙලුනේ නම් මෙසේ සිදු වේ.

රක්තහීනතාවයේ සංකූලතා

හෘදය වැදගත් අවයව වලට ඔක්සිජන් පොම්ප කිරීමට අරගල කරන නිසා, හේතුව නොතකා රක්තහීනතාවයේ සෑම වර්ගයක්ම, හෘද හා පෙනහලු සංකූලතා ඇති කිරීමට හේතු විය හැක.

දැඩි රක්තහීනතාවය සහිත වැඩිහිටියන්ට පහත ඒවා වර්ධනය වීමේ අවදානමකින් යුක්තය:

  • අසාමාන්‍ය ලෙස වේගවත් හද ගැස්මක් (ටැකිකාර්ඩියා)
  • හෘදය අකර්මණ්‍ය වීම එහිදී හෘදයට නිවැරැදි පීඩනයෙන් ඇති තරම් රුධිරය සිරුර පුරා පොම්ප කිරීමට නොහැකි වේ

විටමින් B12 ඌනතාවයේ සංකූලතා විටමින් B12 අඩු වීමක් (රක්තහීනතාවය ඇතුව හෝ නැතුව) සංකූලතා වලට හේතු විය හැක.

ස්නායුමය වෙනස්වීම් විටමින් B12 ඌනතාවයක්, ඔබගේ ස්නායු පද්ධතියට බලපාන ස්නායු හා සම්බන්ධ ගැටලු වලට හේතු වේ, එවැනි ඒවා නම්:

ස්නායුමය ගැටලු වර්ධනය වුවොත් ඒවා ආපසු හැරවීමට නොහැකි විය හැක.

මඳසරුභාවය විටමින් B12 ඌනතාවය සමහර විට තාවකාලික මඳසරුභාවය, පිළිසිඳගැනීමට නොහැකි වීමක් ඇති විය හැක. මෙය සාමාන්‍යයෙන් සුදුසු විටමින් B12 ප්‍රතිකාර සමඟ සුව වේ.

ආමාශ පිළිකා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේ ආමාශයේ තිබෙන නීරෝගි සෛල වලට හානි කරන තත්ත්වයක් වන විසකුරු රක්තහීනතාවය (penicious anaemia), හේතුවෙන් ඇති වූ විටමින් B12 ඌනතාවයක් ඔබට තිබේ නම්, ඔබට ආමාශ පිළිකාවක් වර්ධනය වීමේ හැකියාව වැඩි වේ.

ස්නායුක නලයේ ඇති වන දෝෂ (Neural tube defects) ඔබ ගර්භණී නම්, විටමින් B12 ඇති තරම් නොලැබීමෙන් ඔබගේ දරුවාට ස්නායුක නාලයේ දෝෂ නම් බරපතල උපත් දෝෂයක් ඇති වීමේ අවදානම වැඩි විය හැක.

ස්නායුක නාලය යනු මොළය හා සුෂුම්නාව බවට ක්‍රමයෙන් පත් වන පටු නාළිකවකි.

ස්නායුක නල දෝෂ සඳහා උදාහරණ ලෙස:

  • ස්පයිනා බෛෆිඩා (spina bifida) - එහිදි දරුවාගේ කශේරුව නිසි ලෙස වර්ධනය නොවේ
  • ඇනෙන්සෙෆලි (anencephaly) - එහිදී මොළයේ හා හිස් කබලේ කොටස් නොමැතිව දරුවා උපදී
  • එන්සෙෆලොසීල් (encephalocele) - එහිදී හිස් කබලේ ඇති සිදුරකින්, මොළයේ කොටසක් සහිත, පටලයකින් හෝ සමෙන් වැසුනු මල්ලක් පිටතට තල්ලු වේ

ෆෝලේට් ඌනතාවයේ සංකූලතා

ෆෝලේට් අඩුවීමක් (රක්තහීනතාවය ඇතුව හෝ නැතුව) සංකූලතා ඇති වීමට හේතු විය හැක.

මඳසරුභාවය විටමින් B12 අඩුවීමකදී මෙන්ම, ෆෝලේට් ඌනතාවයක් ද ඔබේ සරුභාවයට බලපෑමට හැක. නමුත් මෙය තාවකාලික වන අතර සාමාන්‍යයෙන් ෆෝලේට් අතිරේක මඟින් ආපසු පෙර තත්ත්වයට පත් කිරීමට හැක.

හෘද රෝග ඔබගේ ශරීරයේ ෆෝලේට් අඩුවීමකදී ඔබට හෘද රෝග (CVD) සෑදීමේ අවදානම වැඩි කළ හැකි බව පර්යේෂණ වලින් පෙන්නුම් කර ඇත.

CVD යනු කිරීටක හෘද රෝග වැනි හෘදය හෝ රුධිර වාහිනී සම්බන්ධ රෝග විස්තර කරන සාමාන්‍ය පදයකි.

පිළිකාව ෆෝලේට් ඌනතාවයට මහා අන්ත්‍ර පිළිකා (colon cancer) වැනි සමහර පිළිකා වලට ඔබට ඇති අවදානම වැඩි කළ හැකි බව පර්යේෂණ වලින් පෙන්නුම් කර ඇත.

දරු උපතේදී වන ගැටලු ගැබිනි සමයේදී ෆෝලේට් අඩු වීමකින්, දරුවා අඩු මාසයෙන් ඉපදීමට (ගැබිනි සමයේ 37 වන සතියට පෙර) හෝ අඩු බර උපතක් ඇති වීමට ඇති අවදානම වැඩි විය හැක.

වැදෑමහ ගැලවීමේ අවදානම ද වැඩි විය හැක. මෙය බරපතල තත්ත්වයක් වන අතර මෙහිදී, උදරයේ වේදනාවක් හා යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් ඇති කිරීමට හේතු වෙමින්, වැදෑමහ ගර්භාෂයේ බිත්තිය ඇතුලතින් ඈතට පැමිණීමට ආරම්භ කරයි.

ස්නායු නාල දෝෂ හා ෆෝලික් අම්ලය විටමින් B12 ඌනතාවයේ මෙන්ම, ෆෝලේට් අඩුවීමක් ද ගර්භාෂය (uterus) තුළ නූපන් දරුවාගේ වැඩීමට හා සංවර්ධනයට බලපෑමට හැක.

මෙය ස්පයිනා බෛෆිඩා (spina bifida) වැනි ස්නායුක නාල දෝෂ නූපන් දරුවා තුළ වර්ධනය වීමේ අවදානම වැඩි කරයි. ගර්භණී වීමට හැකි සෑම කාන්තාවක්ම දෛනික ෆෝලික් අම්ල අතිරේකය ගත යුතු බව නිර්දේශ කර ඇත.

ඔබ ගර්භණී වීමට පෙර හා ගර්භණීභාවයෙන් සති 12ක් යන තුරු සෑමදාම මයික්‍රොග්‍රෑම් 400 ක ෆෝලික් අම්ල අතිරේකයක් ගත යුතය.